දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් අද දිවයිනට පැමිණ තිබෙනවා.
හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එක් වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
එසේම තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමගාමීව ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට හා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය හා තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ද නියමිතයි.
අග්‍රාමාත්‍යවරයා හෙට දහවල් කොළඹ කොටහේන දිපදුත්තාරාම තායි රාජ මහා විහාරයට ද පැමිණීමට සැලසුම් කර තිබෙනවා.

