2023 වසරේදී ආයුර්වේද සංස්ථාව රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසනවා.
මෙම ලාභය 2017 වසරින් පසු ලැබූ ඉහළම ලාභය බවත්, ආයුර්වේද සංස්ථාවේ නව කළමනාකාරීත්වයේ කැපවීම තුළින් මෙම ලාභය වාර්තා කිරීමට හැකි වූ බවත් ඔහු පෙන්වා දෙනවා.
එසේම 76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව දිවයින පුරා ඔසුපැළ දස ලක්ෂයක් වගා කිරීමේ වැඩපිළිවෙළක් ඊයේ (02) ආරම්භ කර ඇති අතර එය ලබන අප්‍රේල් මස 07 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඒකාබද්ධව එය සිදු කරනු ලබනවා.
සංචාරක කේෂ්ත්‍රයට වැඩි ආදායමක් ලබාදීමේ අරමුණ ඇතිව පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය වැඩිදියුණු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

