උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවත් වෙයි

2023/2024 අ.පො.ස. උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් ඉවත් වීමට ගුරුවරු කටයුතු කර තිබෙනවා.

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මෙවර ලබා නොදීම හේතුවෙන් මෙලෙස ඇගයීමේ කටයුතුවලින් ඉවත් වූ බවයි ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය පැවසුවේ.

උසස් පෙළ පිළිතුර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ඉකුත් වසරේදී දිනකට රුපියල් 2000ක විශේෂ දීමනාවක් ලබා දෙනු ලැබුවා.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවේ දීමනාවෙන් අත්තිකාරම් මුදලක් දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද එය ඉටුනොකළ බවත් ඊයේ දහවල් වන තෙක් එම අත්තිකාරම් මුදල නොලැබීම නිසා ගුරුවරු උත්තර පත්‍ර පරීක්‍ෂාවෙන් ඉවත් වූ බවත්ය.