ජාතික ආදායමෙන් 64%ක් භුක්ති විදින ඉහළ ධනවතුන්

මෙරට ජාතික ආදායමෙන් 64% ක් ඉහළම ධනවතුන් 10% ක් පමණක් භුක්ති විඳින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවක් ඔස්සේ මේ බව හෙළි වී ඇති බවයි මන්ත්‍රීවරයා අනාවරණය කර ඇත්තේ.

එසේම රටේ පහළම ස්තරය වන 50% ක පිරිස ජාතික ආදායමෙන් 4% ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් බුක්ති විදින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

රටේ බදු ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ ඉහත කී බරපතළ විෂමතාවට සරිලන ආකාරයට බවත් එම විෂමතාව පිළිබඳව කිසිත් නොසිතා වක්‍ර බදු තොග පිටින් පැටවීමෙන් පහළම සිටින 50% ක ස්තරය ජාතික ආදායමෙන් භුක්ති විඳින 4% ක ප්‍රමාණය ද අහිමි වියහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විමල් වීරවංශ පවසන්නේ වත්මන් පාලකයන් පාලනතන්ත්‍රය මෙහෙයවන්නේ රටේ සැබෑ තත්ත්වය පිළිබඳව නිවැරදි කිරාමැන බැලීමකින් තොරව බවයි.