කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2023 දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 4% ලෙසයි.
එසේම ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් දක්වා ඉහළ ගොස් ඇත.
එම අගය 2023 දෙසැම්බර් මාසයේදී 0.3%ක් ලෙස සඳහන් විය.

