රුපියලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 312.09 ක් ලෙස සහ විකුණුම් මිල රු. 321.85ක් ලෙස සටහන් වී තිබෙනවා.