නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබෙනවා.
පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.
ශ්රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් මෙලෙස අනතුරට පත් වී ඇති අතර ඉන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලටත් අනෙක් දෙදෙනා යුධ හමුදා රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

