රට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර ද තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
2022 වසරේ දී සහල් යම් ප්‍රමාණයක් පිටරටින් ආනයනය කළ ද, 2023 වසරේ දී ද කිසිදු සහල් වර්ගයක ආනයනය කර නැහැ.
එසේම 2024 වර්ෂයේදී වී, බඩ ඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට තීරණය කර තිබෙන බවයි හෙතෙම සඳහන් කරන්නේ.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි.
තේ, රබර් සහ පොල් වගාවන් සඳහා රජයට අයත් පොහොර සමාගම් දෙක වන කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම මඟින් සහන මිලට පොහොර ලබා දීමේ වැඩපිළිවෙළක් ද ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා එහි දී අනාවරණය කළේ.

