දකුණු කොරියාවේ බටහිර වෙරළට තවත් මිසයිල ප්‍රහාරයක්

සිය බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදට හඳුනානොගත් කෲස් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියාව ප්‍රකාශ කරනවා.

දකුණු කොරියානු හමුදාව සඳහන් කරන්නේ උතුරු කොරියානු හමුදාව විසින් බටහිර මුහුද වෙත දේශීය වේලාවෙන් පෙරවරු 7.00 ට පමණ මෙම හඳුනා නොගත් කෲස් මිසයිල දියත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් දකුණු කොරියානු සහ එක්සත් ජනපද ඔත්තු සේවා විසින් සවිස්තරාත්මක විමර්ශනයක් ආරම්භ කර ඇති අතර දෙරටේ හමුදාව විසින් උතුරු කොරියානු හමුදා ක්‍රියාකලාපය දෙස සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වෙනවා.

දකුණු කොරියානු හමුදාව විසින් මෙතෙක් එලෙස එල්ල කරන ලද මිසයිල සංඛ්‍යාව, ඒවා කොපමණ දුරකට පියාසර කළේද, ඒවා ගොඩබිමෙන් හෝ මුහුදෙන් දියත් කළේද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත මුදා හැර නොමැත.

උතුරු කොරියාව විසින් මේ වසරේ සිට කෲස් මිසයිල අත්හදා බැලීම් වඩාත් තීව්‍ර කරමින් සිටිනු ලබන අතර ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය ද ඔවුන්ගේ ඒකාබද්ධ යුද අභ්‍යාස පුළුල් කරමින් සිටිනවා.