රතු මුහුද ආශ්‍රිතව ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ඇති බව වාර්තා වෙනවා.
වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ජනවාරි මාසය තුළ වරායට නෞකා පැමිණීම 35% කින් ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම වරායේ බහාලුම් මෙහෙයුම් ද 72% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ බව ප්‍රකාශ කළේය.
කෙසේවුවද රතුමුහුදේ අර්බුදය හේතුවෙන් කොළඹ වරායේ ආදායම ඉහළ යාම පිළිබඳ සතුටට පත්විය නොහැකි බවයි විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේ.

