ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 871ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 626ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 245ක් ද අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 626 දෙනා අතරින් සැකකරුවන් 09කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 05ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14ක්ද මේ අතර වෙනවා.
එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 245 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 10ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 226ක්ද සිටිනවා.
ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 02ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 07ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මෙම මෙහෙයුමේ දී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,
හෙරොයින් 231g
අයිස් 129g
ගංජා 26kg 400g
ගංජා පැල 89,165
මාවා 863 g
මදනමෝදක 248g
මත්පෙති 222

