බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කරයි

නිසි පරිදි විදුලි ගාස්තු නොගෙවීම හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කර තිබෙනවා.

විදුලිය නොමැතිව දින දෙකක් පමණ දුම්රිය ස්ථානයේ කටයුතු කුප්පි ලාම්පු හා වෙනත් ආධාරක මඟින් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම විදුලිය නොමැති වීම හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නිවේදන කටයුතු ද සිදු නොවන බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්යමණ්ඩලය මෙන්ම දුම්රිය භාවිත කරන මගී ජනතාව ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.