අනුරාධපුර නගරයේ ගණිතය වැඩමුළුවක් පවත්වන බව පවසා රුපියල් පන්දහසේ සිට රුපියල් දහඅටදහස දක්වා මුදල් බැංකු ගිණුම් හරහා සිය බැංකු ගිණුමට තැන්පත් කර වැඩමුළුව මගහැරි ප්රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකුට එරෙහිව මව්පියන් පිරිසක් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මෙම වැඩමුළුවට අනුරාධපුර ,මාතර, අම්පාර ඇතුළු දිවයිනේ විවිධ ප්රදේශවලින් සිසුන් ද සමඟ මව්පියන් පැමිණ සිටි අතර මේ හේතුවෙන් ඔවුන් පත්වුණේ දැඩි අසීරුතාවයකටයි.

