ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්

අද දිනයේ දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ අද උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි.

එසේම මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි වනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් හෙට (27) දින සිට නිරික්ෂණය කළ හැකි බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.