අද (25) අළුයම 02.00ට පමණ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ R11-01 කිලෝමීටර් කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථය මාර්ගයේ එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙන් අනතුරුව මාර්ගයේ ආරක්ෂක වැටෙහි ද ගැටීම හේතුවෙන් මෙම දරුණු අනතුර සිදු වී ඇති බවයි.
මෙම අනතුරෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂකයා ලෙස කටයුතුකළ පොලිස් කොස්තාපල් ජයකොඩි (72542) ද ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ජීප් රථයේ රියදුරු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මේ වනවිට කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය හෙට (26) පුත්තලම නිවස වෙත රැගෙන යාමට නියමිත අතර අවසන් කටයුතු ඉරිදා සිදුකිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
1975 මැයි මස 03 වනදා උපත ලැබූ හෙතෙම මියයන විට 48 වන වියේ පසුවනු ලැබුවා.
පහතින් දැක්වෙන්නේ එම අනතුරේ ඡායාරූපයි.





