මෙම වසරේදීත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙනවා.
ඇඹිලිපිටිය – බරවකුඹුක – කච්චිගල්ආර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ගං වතුරෙන් මහ කන්නයේ වී වගාවට බලපෑමක් සිදුවුවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මේ වන විට නොමැති බවයි.
රජය විසින් ඩොලර් මිලියන 300 ක් වැයකරමින් 2022 වසරේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ආනයනය කරනු ලැබූ අතර ඉන් පසුව සහල් ආනයනය කිරීමක් සිදු වී නැහැ.

