ලබන ජනවාරි 24 වන දා සිට ක්රියාත්මක වන පරිදි Google Assistant හරහා ලබා ගත හැකි features17ක් පමණ ඉවත් කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා.
Google සඳහන් කර ඇත්තේ පරිශීලකයන් විසින් අවම ප්රමාණයෙන් භාවිත කරන පහසුකම් මෙලෙස ඉවත් කරන අතර, පරිශීලකයන් බහුලව භාවිත කරන features වඩාත් දියුණු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව ලබන 24 වන දා සිට Google Assistant හරහා දුරකතනයේ ඇති contacts සම්බන්ධ තොරතුරු ලබා ගැනීම, ගමන් කළ දුර ආදිය දැන ගැනීම, නිදා සිටි වෙලාව දැක්වෙන Sleep summaries නිකුත් කිරීම, Google Maps හා සම්බන්ධ වෙමින් driving mode පවත්වා ගෙන යෑම ආදිය සිදු කළ නොහැකි වනවා.
එසේම Calm නමැති යෙදවුම හරහා සම්බන්ධ වෙමින් meditation session පැවැත්වීම, Speakers සහ වෙනත් Display වල ඇති Stopwatch පාලනය කිරීමේ හැකියාව ද මෙහි දී අත්හිටුවනු ලබනවා.
voice commands භාවිතයෙන් සිදු කළ හැකි වූ Google Family Groups වලට සම්බන්ධ වෙමින් calls ගැනීම, emails සැකසීම, video, and audio messaging යන පහසුකම් ද අවලංගු කෙරෙන බවයි Google සඳහන් කරන්නේ.

