එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් එල්ල කරන ලද දරුණු ප්‍රහාරවලින් දිනකට පසු එක්සත් ජනපදය විසින් යේමනයේ සිටින හූති සටන්කාමීන්ට එරෙහිව නව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.
එහි දී එක්සත් ජනපදයට අයත් නෞකාවක් විසින් මෙම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හූති සටන්කාමින් විසින් මුහුදේ ගමන් කරන නෞකා වලට පහර දීමට දරන උත්සාහයන් අඩපණ කිරීමට මෙම ප්‍රහාර දියත් කෙරුණු බවයි එක්සත් ජනපදය සඳහන් කරන්නේ.
එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාර මාලාවට නිසැකයෙන්ම පිළිතුරු ලබා දෙන බවයි හූති සටන්කාමින් දැනුම් දී තිබෙන්නේ.
ඉරානයේ සහය ලබන මෙම හූති සටන්කාමින් විසින් පසුගිය නොවැම්බර් 19 වන දා සිට රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි යාත්‍රා කරන නෞකාවලට පහර දෙනු ලබනවා.
ඔවුන් ඒ සඳහා නැව් නාශක බැලස්ටික් මිසයිල, මිනිසුන් රහිත ගුවන් යානා සහ කෲස් මිසයිල ආදිය යොදා ගනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ හේතුවෙන් නැව් සමාගම් සිය භාණ්ඩ ප්‍රවාහනය කරන වාණිජ නෞකාවන් මෙම මුහුදු කලාපයෙන් බැහැරව දීර්ඝ ගමන් මාර්ගයක් ඔස්සේ ගමනාන්තය කරා ගෙන යෑමට පියවර ගෙන තිබෙනවා

