තේ පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.
දැනට තේ සඳහා භාවිතා කරන පොහොර මිටියක මිල රුපියල් 12000ත් රුපියල් 14000ත් අතර වන නිසා බොහෝ වගාකරුවන් තේ වගාවට පොහොර යොදන්නේ නැති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
එලෙස පොහොර යොදා නොගැනීම හේතුවෙන් තේ අක්කරයකින් වරකට නෙලා ගන්නා දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 216 දකවා අඩු වී තිබෙනවා.
ඒ අනුව ඊට විසඳුමක් ලෙස රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම මගින් තේ පොහොර මිටිය රුපියල් 8500 කට ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

