රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා.
මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපතිවරයා හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව මෙම ආඥාව නිකුත් කර තිබෙනවා.

