සුපිරි පාපන්දු තරුවක් වන Franz Beckenbauer මිය යයි

පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ජර්මානු ජාතික Franz Beckenbauer වයස අවුරුදු 78 දී මිය ගොස් තිබෙනවා.

Der Kaiser ලෙස අනවර්ථ නාමයකින් හඳුන්වනු ලබන ඔහු පාපන්දු කණ්ඩායමේ ආරක්ෂකයෙකු ලෙස ක්‍රීඩා කරනු ලැබුවා.

ඔහුගේ නායකත්වය යටතේ 1974 දී බටහිර ජර්මන් කණ්ඩායම ලෝක කුසලානය දිනාගත් අතර 1990 දී ඔහු එම කණ්ඩායමේ කළමනාකරු ලෙස නැවතත් කුසලානය දිනා ගනු ලැබුවා.

ජර්මානු පාපන්දු කණ්ඩායමක් වන Bayern Munich වෙත ඔහු 582 වතාවක් ක්‍රීඩා කර තිබෙනවා.

එසේම 1972 දී යුරෝපීය ශූරතාව ද බැලන් ඩෝර් සම්මානය දෙවරක් ද දිනා ගැනීමට ඔහු සමත් වුණා.