ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

ඉන්දුනීසියාවේ තලාවුඩ් (Talaud) දූපත් ආශ්‍රිතව අද (09) අලුයම ප්‍රබල භූකම්පනයක් සිදු වී තිබෙනවා.

එම කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් මෙම කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක් නිකුත් කර නොමැති බව සඳහන්.

එසේම භූ කම්පනය හේතුවෙන් හානි කිසිවක් ද සිදු වී නොමැති බව සඳහන්.