රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (08) සිට අද (09) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 950ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
ඒ අතරින් සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ද, තවත් සැකකරුවන් සිව්දෙනෙක් පිළිබඳව නීතිවිරෝධී වත්කම් විමර්ශන ද ආරම්භ කර තිබෙනවා.
එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 28 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 68දෙනෙකු ද මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත
හෙරොයින් 296g
අයිස් 194g
ගංජා 117kg 421g
ගංජා පැල 41767ක්
අබිං 48kg 140g
මාවා 01kg 86g
තුල් 25g
මත්පෙති 223ක්
හෑෂ් 90g
මදන මෝදක ගුලි 77g

