අද උදෑසන 8 සිට සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් තීරණය කර තිබෙනවා.
ඒ වෛද්‍ය නිලධාරීන් සඳහා ලබාදුන් රුපියල් 35,000ක දීමනාව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට ලබා නොදීමට එරෙහිවයි
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ඊයේ (08) රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෛද්‍ය නිලධාරීන් සඳහා රුපියල් 35,000ක දීමනාවක් ලබා දීමට එකඟ වුවද සියලු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සාධාරණ ලෙස එය ඉටු නොකිරීම සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවයි.
මේ පිළිබඳව නිසි අවධානය යොමු කරමින් සාධාරණය ඉටු කිරීමට කඩනමින් කටයුතු නොකරන්නේ නම් සමස්ථ සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒකාබද්ධ කර ගනිමින් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

