සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අස්වැසුම ඒකකයක්

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහාම අස්වැසුම විශේෂ ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

අදාළ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේ දී පැවති අතර එහි දී මේ පිළිබදව අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරන්නේ.

එසේම 2023 වසරේ සියලු‍ම අස්වැසුම අභියාචනා මේ මස 31 වනදා වන විට විසදා අවසන් කිරීමටත්, ඉන් අනතුරුව දෙවන වටය සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවීමටත් තීරණය වී තිබෙනවා.

ඊට සමගාමිව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අස්වැසුම විශේෂ ඒකකයක් මෙන්ම එම විශේෂ ඒකකය සඳහා ග්‍රාමීය මට්ටමින් නිලධාරියෙකු ද ලබා දීම සිදු කෙරෙනු ඇත.