ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්රපාලට එම තනතුරේ කටයුතු කිරීමට බාධාවක් හෝ අවහිරයක් සිදු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එම පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකරට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්රපාල ගොනු කළ පෙත්සමක් සළකා බැලූ අවස්ථාවේදී ප්රධාන දිසා විනිසුරු සදුන් විතාන විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
ලබන 22 වනදා දක්වා අදාළ වාරණ නියෝගය ක්රියාත්මක බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

