ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 1133 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් සැකකරුවන් 54ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 38 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
මේ මෙහෙයුමේ දී හෙරොයින් 405g 34 mg, අයිස් 01 kg 70 g, ගංජා 04 kg 742 g, ගංජා පැල 27868, මාවා 01 kg 274 g, මත්පෙති 1946 තම භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 86 දෙනෙකු මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

