බදුල්ල – මඩකලපුව ප්රධාන මාර්ගයට ලුණුගල – අරවාකුඹුර ප්රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි ගමනාගමනය තවදුරටත් නවතා දමා තිබෙන බව වාර්තා වෙනවා.
ඊයේ උදෑසනත් එම ස්ථානය ආසන්නයෙන්ම පස් කන්දක් කඩාවැටීමෙන් මාර්ගයේ ගමනාගමනය නතර කෙරුණා.
පසුව මාර්ග සංවර්ධන අධිකාරිය පස් කන්ද ඉවත් කර ගමනාගමන කටයුතු යථා තත්වයට පත් කළත් යළි අද උදෑසන මෙම පස්කන්ද කඩාවැටී තිබෙනවා.

