සිසු හෙද පුහුණුවට තෝරාගැනීමට මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණවලට අදාළ සියලු තොරතුරු මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවේ පළ කර තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය, ස්ථානය සහ ඊට අදාළ සියලු තොරතුරු ලබාගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය අයදුම්කරුවන්ට දැනුම් දෙන්නේ.
2019 – 2020 උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂය ධාරාවලින් සමත්වී සිසු හෙද පුහුණුව සඳහා 4,000කට වැඩි පිරිසක් අයදුම් කර තිබෙනවා.
ඒ අතරින් සිසු හෙද පුහුණුවට තෝරා ගැනීම සඳහා මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 13 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

