උතුරු ඇලස්කාවේ වේගයෙන් පැතිර යන H5N1 කුරුළු උණ වෛරසය ආසාදනය වීම හේතුවෙන් එහි හිම වලසෙක් මිය ගොස් තිබෙන බවට වාර්තා වෙනවා.
එම සත්ත්වයා පසුගිය දෙසැම්බර් මාසයේ දී මිය ගොස් ඇති බවයි ඇලස්කාවේ පරිසර සංරක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත්තේ.
H5N1 කුරුළු උණ වෛරසය ආසාදිතව මිය ගිය පක්ෂීන්ගේ ශරීර කොටස් ආහාරයට ගැනීම හේතුවෙන් මෙම වෛරසය හිම වලසාට ආසාදනය වන්නට ඇති බවයි ඔවුන් සැක පළ කරන්නේ.
2021 වසරේ දී ඇමරිකාවෙන් සොයා ගන්නා ලද මෙම H5N1 කුරුළු උණ වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා පක්ෂීන් මිලියන ගණනක් මිය ගොස් තිබෙනවා.
එසේම එලෙස වෛරසය ආසදිතව මිය යන සතුන්ගේ ශරීර කොටස් ආහාරය ගැනීමෙන් අනෙක් සතුන් ද වක්රාකාරව මෙම වෛරසයේ ගොදුරක් වී තිබීම දැඩි ලෙස අවධානය යොමු කළ යුතු කරුණක් බවයි පරිසර සංරක්ෂකයන් පෙන්වා දෙන්නේ.
ඇන්ටාක්ටිකාවේ පළමු වරට මෙම වෛරසයේ පැතිරීම 2023 වසරේ දී හඳුනා ගන්නා ලද අතර ඇන්ටාක්ටිකාවේ Bird Island හි පක්ෂීන් බොහොමයක් මේ වෛරසය හේතුවෙන් මිය යනු ලැබුවා.

