ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රීරෝද රථ ගාස්තුව ඉහළ දැමීමට ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා අයකළ රුපියල් 80 ක ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ දමන බවයි එම සංගමයේ මහලේකම් ලලිත් රෝහණ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් පළමු කිලෝමීටරය සඳහා අය කළ රුපියල් සියයයේ ගාස්තුවෙහි වෙනසක් නොවන බවද ඔහු කියා සිටියා.