ඉන්දියාවේ සිට තවත් බිත්තර මිලියන 06ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට ළඟාවීමට නියමිත බව රාජ්ය වානිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරනවා.
එහි සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ අදාළ බිත්තර තොගය පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව ලබන බ්රහස්පතින්දා සිට රට පුරා සතොස අලෙවිසැල්වලට බෙදාහැරීමට කටයුතු කරන බවයි.
මේ අතර, VAT බලපෑමෙන් සිය නිෂ්පාදන වියදම ඉහළ නොයන්නේ නම් ඉදිරි මාස කිහිපයේ දී රුපියල් 30 ත් 35ත් අතර, මුදලකට දේශීය බිත්තර වෙළඳපළෙන් ලබාගත හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසා තිබෙනවා.

