අවුරුදු 18ට වැඩි සියලු දෙනාට TIN අංකයක්

ලබන වසරේ ජනවාරි මස සිට අවුරුදු 18ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තු ලියාපදිංචි අංකය ලබාගත යුතු බව දේශීය ආදායම් කොමසාරිස් ඒ. එම් නෆීර් පවසනවා.

ඔහු අවධාරණය කරන්නේ බදු ගෙවීම සඳහා ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතු බවත් හැමදෙනාටම ජාතික ඇඳුම්පත් අංකයක් තිබෙන ආකාරයට අංකයක් ලබාදීම මෙහි අරමුණ බවත් ය.

මේ නෆීර් මහතා දැක්වූ වැඩිදුර අදහස්

“2024 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN NUMBER) ලබාගත යුතුයි. මෙය වරදවා වටහා ගන්න එපා. ලියාපදිංචි අංකය ලබා ගැනීම සහ බදු ලිපිගනු විවෘත කිරීම කාරණා දෙකක් සෑම දෙනෙකුටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙනවා තිබෙනවා. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකයක් පැවතිය යුතුයි. බදු ගෙවීම සඳහා තරම් ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතුයි. එවිට ඔවුන්ට ආදායම් බදු ගෙවීම සඳහා ලිපි ගොනුවක් විවෘත කිරීම සිදුවනවා.”