අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.
මෙහිදී දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැති අතර යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කිරීමේ ක්‍රම සහ විධි සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
සූර්ය බලශක්තිය සහ සුළං බලය ඇතුළු බලශක්ති ක්ෂේත්රයට ඉන්දීය ආයෝජන වැඩි කිරීමට ඇති හැකියාව, ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා ටැංකි, වරාය, දුම්රිය මාර්ග සම්බන්ධ ඒකාබද්ධ ව්‍යාපෘති සහ කෘෂිකාර්මික හා ධීවර අංශයන්හි සංවර්ධනය සඳහා ආධාර කිරීමේ හැකියාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා..
එසේම වත්මන් ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් පුළුල් කරමින් සහ සහන ද්‍රව්‍ය, ආහාර සහ ඖෂධ ලබාදෙමින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදි ඉන්දියාවට ස්තූතිය පළ කරනු ලැබුවා,
තම මෙහෙවර ලාංකීය ජනතාව සමඟ ශ්‍රී ලංකාවේ යහපත උදෙසා මෙරට නායකයන්ගේ මගපෙන්වීම අනුව කටයුතු කිරීම බවත් දෙරටේ නායකයින් ඇතිකර ගත් එකඟත්වයට අනුව ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගය පිළිබඳ දැක්ම සහ එය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ දාහතර වැදෑරැම් වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

.jpeg)

