අද මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ උපකාරක පන්ති තහනම්

2023 අ.පො.ස. උසස් පෙළ විභාගයට සමගාමීව පවත්වන උපකාරක පන්ති ඇතුළු සියලු‍ ප්‍රවර්ධන වැඩසටන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට නොපවත්වන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම සහ සාකච්ඡා කිරීම තහනම් වන අතර පෝස්ටර් හා අත්පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හා ළග තබාගැනීම ද අද සිට සපුරා තහනම් වනවා.

2023 අ.පො.ස. උසස් පෙළ විභාගය ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 30 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සදහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 42,883 ක් අයදුම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.