ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණුකාර තනතුරු කිහිපයක් සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

ජාතික කණ්ඩායමේ පිතිකරණ, වේගපන්දු යැවීම, දඟපන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ සඳහා එලෙස පුහුණුකාර තනතුරු වෙනුවෙන් අයදුම්පත් කැඳවා ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යැවීම් පුහුණුකරු තනතුර මෙන්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය‍ට ද අයදුම් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.