2023 අ.පො.ස. උසස් පෙළ විභාගයට සමගාමීව පවත්වන උපකාරක පන්ති ඇතුළු සියලු ප්‍රවර්ධන වැඩසටන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට නොපවත්වන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම සහ සාකච්ඡා කිරීම තහනම් වන අතර පෝස්ටර් හා අත්පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හා ළග තබාගැනීම ද අද සිට සපුරා තහනම් වනවා.
2023 අ.පො.ස. උසස් පෙළ විභාගය ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 30 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සදහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 42,883 ක් අයදුම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

