අප්‍රේල් සිට ජූලි දක්වා උපන් දරුවෙන්ගේ දෙමාපියන්ට විශේෂ පණිවිඩයක්

2023 වසරේ අප්‍රේල් 07 සිට ජූලි 05 දක්වා කාල සීමාව තුළ ඉපදුණු බිලිඳුන්ගේ දෙමාපියන්ට සහ ඔවුන්ගේ භාරකාරයන්ට ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2024 ජනවාරි 06 වන දා වන විට මාස 06 සිට 09ත් අතර බිලිඳුන් සරම්ප රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අමතර එන්නත් මාත්‍රාවක් ලබා දීමට කාර්යාංශය තීරණය ක‍ර තිබෙනවා.

සරම්ප පැතිරීම වේගවත් වී ඇති කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ යන අධි අවදානම් දිස්ත්‍රික්කවල බිලිඳුන්ට මෙම මාත්‍රාව විශේෂයෙන් ලබා දෙන ලෙසයි ඔවුන් අවධාරණය කරන්නේ.

2024 ජනවාරි 6 වන දින පෙ.ව. 9:00 සිට සවස 4:00 දක්වා ආසන්නයේම ඇති එන්නත්කරන සායනයෙන් මෙම එන්නත ලබා ගත හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්,