අද අලුයම සිට මේ දක්වා කාලය තුළ දී පමණක් ඉන්දියන් සාගරයේ භූ කම්පනය හතරක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරනවා.
ඉන් පළමුවැනි කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී තිබෙනවා.
එසේම අද පෙරවරුවේ සිදු වුණු කම්පනය දෙක පිලිවෙලින් රික්ටර් පරිමාණයේ ඒකක 5.8ක් සහ 5ක් ලෙස සටහන් වී තිබෙනවා.
මෙම කම්පන සියල්ල ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ සාගර පතුලේ කඳුවැටියක හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් මෙම කම්පන හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ.

