යුක්රේනයේ නගර දෙකකට මිසයිල ප්‍රහාර

යුක්රේනයේ ඊසානදිග ප්‍රදේශ පිහිටි නගරයක් වන Kharkiv සහ බටහිර පිහිටි නගරයක් වන Lviv වෙත මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

Kharkiv වෙත එක් මිසයිල ප්‍රහාරයක් සහ Lviv වෙත මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බවයි එම නගරවල නගරාධිපතිවරුන් සඳහන් කරන්නේ.

මෙම ප්‍රහාර හේතුවෙන් ජිවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.

මේ අතර බ්‍රහස්පතින්දා පස්වරුවේ යුක්රේනයේ ඔඩේසා වරාය නගරයට ද රුසියානු ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරය හේතුවෙන් වරාය නගරයේ උස් ගොඩනැගිල්ලක ගින්නක් ද ඇති වූ බවයි බලධාරීන් සඳහන් කරන්නේ.