මෙරට රත්රන් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.
ඒ අනුව අද (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 168,500ක් ලෙස සටහන් වූ අතර එය රුපියල් 2,000ක පමණ ඉහළ යෑමකි.
පසුගිය සතියේ බදාදා දිනයේ දී එය දැක්වුණේ රු. 163,700ක් ලෙසය.
එසේම පසුගිය බදාදා රු. 177,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 182,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

