ගාසාහි අල් මගාසි සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
එම සරණාගත කඳවුරුවල ධාරිතාව ඉක්මවා මිනිසුන් රැඳී සිටීම හේතුවෙන් මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මිය ගිය අයගෙන් බහුතරයක් කාන්තාවන් සහ ළමයින් වනවා.
ප්‍රහාරයෙන් තම දියණිය සහ මුණුබුරන් අහිමි වූ පියෙක් සඳහන් කර ඇත්තේ ඔවුන් ආරක්ෂාව හේතුවෙන් උතුරු ගාසා තීරයේ සිට මධ්‍යම ගාසා තීරය පැමිණියත් කිසිදු තැනක ආරක්ෂාවක් නොමැති බවයි.
ඊශ්‍රායලය විසින් එල්ල කරන දැඩි ගුවන් ප්‍රහාර හේතුවෙන් මාගාසි සහ තවත් සරණාගත කඳවුරු දෙකක් වන අල්-බුරෙයිජ් සහ අල්-නුසෙයිරාත් අතර ප්‍රධාන මාර්ග වසා දැමීම නිසා ප්‍රහාරයෙන් තුවාල ලැබුවන් රෝහල් වෙත ගෙන යෑමට මහත් බාධා එල්ල වී ඇති බවයි රතු කුරුස සංවිධානය පෙන්වා දෙන්නේ.
ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වුණු පසුගිය ඔක්තෝම්බර් 07 වන දා සිට මේ දක්වා කාලය තුළ ගාසා තීරයේ පුද්ගලයන් 20,000කට වැඩි ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 54,000ක් පමණ තුවාල ලබා තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ යුද්ධය හේතුවෙන් තම රජයට ඉතා විශාල පිරිවැයක් දැරීමට සිදු වන නමුත් යුද්ධය හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

