ඊයේ අධිවේගී මාර්ගවල ආදායමේ කැපී පෙනෙන ඉහළ යාමක්

ඊයේ දිනයේ අධිවේගී මාර්ග වල ගමන් ගන්නා වාහන සංඛ්‍යාවේ සහ ඉන් ලැබී ඇති ආදායමේ කැපී පෙනෙන ඉහළ යෑමක් නිරීක්ෂණය කර තිබෙනවා.

ඊයේ දිනයේ එනම් දෙසැම්බර් 23 වන දා අධිවේගයේ වාහන 145,503ක් පමණ ගමන් කර ඇති අතර, එහි ආදායම රුපියල් 50,174,550ක් පමණ වන බව සඳහන්ය.

ඊට පෙර දා එනම් දෙසැම්බර් 22 වන දා වාහන 140,791 පමණ ගමන් කර ඇති අතර, ආදායම රුපියල් 46,457,600ක් පමණ වනවා.

ඒ අනුව දෙසැම්බර් 23 වැනි දා ආදායම මෙතෙක් අධිවේගී මාර්ගයේ දිනක ලැබූ වැඩිම ආදායම වන අතර, එය සාමාන්‍ය දිනක ආදායම මෙන් 40%ක පමණ වැඩි වීමක් බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.