ජේසුස් වහන්සේ ඉපදුනා යැයි සැලකෙන ශුද්ධ වූ බෙත්ලෙහෙමේ මෙවර නත්තල් උත්සවය සැමරීම සිදු නොකිරීමට තීරණය කර තිබෙනවා.
අද වන විට බෙත්ලෙහෙම යනු පලස්තීනයට අයත් නගරයක් වන බැවින් ඊශ්‍රායල සහ පලස්තීන ගැටුම් වලින් පීඩා විඳින ජනතාව හේතුවෙන් මෙම සැමරුම් අත්හිටුවා තිබෙනවා.
අනෙකුත් වසරවල මේ කාලයේ බෙත්ලෙහෙමේ මැන්ගර් චතුරශ්‍රය සංචාරකයන්ගෙන් සහ වන්දනාකරුවන්ගෙන් පිරි යන නමුත් මේ වසරේ එම ප්‍රදේශ පාලුවට ගොස් තිබෙනු දැකිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගාසා තීරයේ වෙසෙන දරුවන් වෙනුවෙ, ජේසුස් වහන්සේගේ උපත දැක්වෙන විශාල ගල් හා කටුකම්බි වලින් වටවී සිටින දර්ශනයක් පමණක් මෙවර මැන්ගර් චතුරශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබෙනවා.
කොරෝනා වසංගතය පැවති කාලයේ දී පවා බෙත්ලෙහෙමේ නත්තල් උත්සවය සමරු අතර මෙලෙස බෙත්ලෙහෙමේ නත්තල් උත්සවය සමරා නොසිටින්නේ මෑත ඉතිහාසයේ පළමු වතාවට වනවා.

