මෛත්‍රී අවශ්‍ය වුවහොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වෙයි

පක්ෂයේ විධායක සභාව තීරණය කළහොත් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිංගිරිය කොට්ඨාස නියෝජිතයන් වෙත පත්වීම් ප්‍රදානය කිරීම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ (23) සිදු කෙරුණි.

ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

පත්වීම් ප්‍රදානයෙන් අනතුරු ව හිටපු ජනාධිපතිවරයා බතික් නිෂ්පාදනය කරන ස්ථානයක් ද නිරීක්ෂණය කළේය.