2023 වසරේ Miss Earth හෙවත් මිහිකත රූ රැජිණ බවට පත් වීමට ඇල්බේනියාවේ 18 හැවිරිදි Drita Ziri සමත් වුණා.
ජයග්රහණය කළ Drita Ziri හට දිගු මුහුදු මුතු වලින් සැකසු ඉතා ආකර්ශනීය කිරුළක් හිමි වී තිබෙනවා.
2023 වසරේ දී 23 වන Miss Earth තරඟය පැවැත්වුණු අතර එහි අවසාන මහා තරඟය ඊයේ වියට්නාමයේ, හෝ චි මිං නගරයේ, Vạn Phúc City හි දී පැවැත්වුනා.
එහි දෙවන ස්ථානය වන Miss Earth-Air කිරුළ පිලිපීනයේ Yllana Aduana විසින් ද, තෙවන ස්ථානය වන Miss Earth-Fire කිරුළ තායිලන්තයේ Cora Bliault විසින් ද දිනා ගෙන තිබෙනවා.
ඇල්බේනියාව මිහිකත රූ රැජිණ කිරුළ ජයග්රහණය කළ පළමු අවස්තාව ලෙස මෙය ඉතිහාසගත වනවා.
විවිධ රටවල් නියෝජනය කරමින් තරගකාරියන් 85 දෙනෙක් මෙවර තරඟයට සහභාගී වී තිබෙන අතර 2023 තරඟයේ තේමාව වී ඇත්තේ Focus on Water – ජලය කෙරෙහි අවධානය යොමු කරන්න යන්නයි.







