දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය විශේෂ පොලිස් මෙහෙයුම ලබන 24,25,සහ 26 යන තෙදින තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
නත්තල් දිනය (25) සහ 26 වනදා යෙදී ඇති පොහොය දිනය හේතුවෙන් පොලිස් නිලධාරීන් යම් යම් විශේෂ රාජකාරී සඳහා යෙදවිය යුතු බැවින් මෙම මෙහෙයුමට විරාමයක් දෙන බවයි ඔහු සඳහන් කරන්නේ.
මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැක්වූ වැඩිදුර අදහස්,
“රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම 17 වන දින සිට 23 වනදා දක්වා මුල් සතිය එනම්, දින 7ක කාලසීමාවක් අපි ක්‍රියාත්මක කළා. මෙය නතර කිරීමේ අදහසක් නැහැ. 25 නත්තල් දිනය විශේෂයෙන් 24, 25, 26 මේ… පොහොය දිනයත් එකට එළඹීමත් සමගම පොලිස් නිලධාරීන් යම් යම් රාජකාරීවල යෙදීමට අපට සිදුවෙනවා. යම් ආකාරයකට දින කිහිපයකට මෙම මෙහෙයුම් නතර කිරීමට සිදුවුවත් ඉදිරයේදී මෙහෙයුම් නොකඩවා සිදුකිරීමට කටයුතු කරනවා.”

