ලියාපදිංචි නොකළ වාහන සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

ලියාපදිංචි නොකළ වාහන සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ වසර තුනකට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර අලුත් කරගෙන හෝ පැවරීමකට යොමුව නැති වාහන සම්බන්ධව තදින් ම කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා ගුවන් සමාගම විසින් මෙරටට ගෙන්වා වරායේ හා ගුවන්තොටුපල භාවිතයට ගෙන ඇති වාහන සහ රේස් තරග සඳහා ගෙන්වා ගෙන ඇති දහස් ගණනක වාහන ප්‍රමාණයක් පවතින බවත් ඒවා ලියාපදිංචි කිරීමකින් පසුව පමණක් භාවිතයට ගන්නා බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

වාහන අසූ තුන් ලක්ෂයක් ලියාපදිංචිව ඇතත් වාර්ෂිකව වාහන ආදායම් බලපත්‍ර අලුත්කර ගැනෙන්නේ වාහන පනස්පන් ලක්ෂයක් පමණක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.