නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනයක්

පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනයක් දක්නට ලැබෙන බව මහ බැංකු වාර්තා පෙන්නුම් කරනවා.

එම මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 57ක් දක්වා ඉහළ ගොස් ඇති අතර උත්සව සමයේ ආර්ථික කටයුතු වල සිදුවන වර්ධනය ඊට හේතුවයි.

එසේම සේවා අංශයේ ක්‍රියාකාරකම්වලද වේගවත් වර්ධනයක් නොවැම්බර් මාසයේ වාර්තා වන අතර එහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 59.4ක් ලෙසයි සටහන් වී ඇත්තේ.