බිත්තර මිලියන 10ක් සඳුදා සතොසට

බිත්තර මිලියන 10ක් ලබන සදුදා (18) දිනයේ සතොස ආයතනය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ දැනට මෙරටට ආනයනය කර ඇති තත්ත්ව සහතික ලද බිත්තර මිලියන 10ක් මෙලෙස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තර මිලියන 15ක් හෙට (17) දිනයේ දී දිවයිනට රැගෙන ඒමට නියමිත බවද ඔහු සඳහන් කරනවා.

එම බිත්තර ද පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමෙන් අනතුරුව වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වනවා.